මාලඹේ සයිටම් ආයතනය වසා දමන්නැයි රජයට බල කරමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද (06) සිට මාරාන්තික උපවාසයක ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ.
එ අනුව අද සවස 06 යට ආරම්භ කිරීමට නියමීත මෙම උපවාසය පවතවන ස්ථානය දහවල් 12 පමණ ප්‍රකාශයට පත් කරන බව එම සංගමය සඳහන් කළේය.
මෙම උපවාසය සඳහා දෙමව්පියන් 250 දෙනෙකුද ලිඛිතව සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
එහෙත් ජාත්‍යන්තර ක්‍රමවේදය අනුව සිදු කෙරෙන මෙම උපවාසය සඳහා දෙමාව්පියන් 05 දෙනෙකු පමණ යොදා ගන්නා බවද එම සංගම වැඩි දුරටත් සඳහන් කළේය.
E – (DE සිල්වා)








