FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියානු අගමැති මෙරට ජනපති හා අගමැති හමුවෙයි..

දිවයිනට පැමිණි ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් අද(02) උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවිය.

ජනාධිපතිවරයා සමඟ හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර එහිදී දෙරටට වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමුකර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා හමුවීමට පෙර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද අරලියගහ මන්දිරයේදී හමුවිය.

එහිදී මිනිස් ජාවාරම් ඇතුළු අන්තර්ජාතික අපරාධ මැඩලීම සඳහා දෙරට එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් වන ගිවිසුමකටද අත්සන් කර තිබේ.