FAST NEWS

24×7 Around the Globe

කිරි ගවයින් ඝාතනය පාලනය කිරීමට ජනපතිගේ අවධානය..

කිරි ගවයින් ඝාතනය කිරීම දේශීය කිරි කර්මාන්තයේ වර්ධනය සඳහා ප‍්‍රබල බාධාවක් වී ඇති බවත් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා වැඩි අවධානයක් යොමුකිරීම අවශ්‍ය බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනේ ප‍්‍රගතිය සමාලෝචනය කිරීම සහ ඉදිරි ප‍්‍රතිපත්තිමය තීරණ සහ කි‍්‍රයාකාරකම් සැලසුම් කිරීම පිළිබඳව ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර කරන ලදි.