FAST NEWS

24×7 Around the Globe

කටාර් – ශ්‍රී ලංකා වෙළද ගිවිසුම අත්සන් කෙරේ..

කටාර් – ශ්‍රී ලංකා වෙළද ගිවිසුම ඊයේ(31) දින මෙරට කර්මාන්ත හා වාණිජ ඇමති රිෂාද් බදියුදීන් හා කටාර් ආර්ථික හා වෙළද ඇමති ෂෙයික් අහමඩ් බින් ජස්හිම් බින් මොහොමඩ් අල්තානි අත්සන් කරනු ලැබීය.

ශ්‍රී ලංකා – කටාර් ආර්ථික හා වෙළද සමුළුව පෙරේදා(30) දින හා ඊයේ(31) දින සිනෙමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැති අතර මෙම සමුළුව සංවිධානය කරන ලද්දේ මෙරට කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය යටතේ සිටින වෙළද දෙපාර්තමේන්තුව, උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද දෙපාර්තමේන්තුව යටතේ සිටින අපනයන සංවර්ධන මණ්ඩලය , රේගුව හා විදේශ කටයුතු අමාත්‍යංශ නිළධාරීන් විසිනි.

එසේම මෙම සමුළුව තුළින් සංචාරක, ගෑස්, ගුවන් වැනි විෂයයන් පිළිබද සාකච්ඡා කර ඇති අතර මෙම ගිවිසුම අත්සන් කිරීම තුලින් රටවල් දෙකෙහි දියුණුව මෙන්ම ආර්ථික හා වෙළද සහයෝගීතාවයද අපේක්ෂා කෙරේ.

20දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙම සමුළුව සදහා සහභාගී වූ අතර 29 වෙනි දින ලංකාවට පැමිණ තිබූ කටාර් වෙළද ඇමති, මෙරට ජනාධිපති , අගමැති හා අමාත්‍ය අර්ජුන රණතුංග හමුවී සාකච්ඡා කරන ලදි.