ඇමෙරිකාවේ, නිව්යෝක් නුවර ලෝවර් මෑන්හැට්න් හි පාපැදි මාවතකට ට්‍රක් රථයකින් කඩා වැදුණු ජිහාඩ් ත්‍රස්තවාදියෙකු එල්ල කළ ට්‍රක් රථ ප්‍රහාරයකින් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 15 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
සුදු පැහැති පිකප් වර්ගයේ ට්‍රක් රථයක් (කැබ් රථයක්) මෙම ප්‍රහාරයට යොදාගෙන ඇති පුද්ගලයා 2010 වසරේදී ඇමෙරිකාවට සංක්‍රමණය වූ 29 හැවිරිදි සයිෆුල්ලෝ සයිපෝව් ලෙස හඳුනාගෙන ඇත.
පොලීසිය සිදුකළ වෙඩි පහරින් ප්‍රහාරකයා මෙල්ල කරගෙන ඇති අතර, පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.








