FAST NEWS

24×7 Around the Globe

අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය අනිද්දා නිකුත් කෙරේ..

2017 වර්ෂය සඳහා අධ්‍යාපන විද්‍යා පීඨවලට සිසුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය අනිද්දා නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව පාඨමාලා 27ක් සඳහා 2015 වසරේ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත සිසුන් 4745ක් බඳවා ගැනීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ මේ සඳහා අයදුම්පත් නොවැම්බර් 24 වන දිනට පෙර යොමු කළ යුතු බවයි.