FAST NEWS

24×7 Around the Globe

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු 6 දෙනෙකුට අධි චෝදනා..

හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු 6 දෙනෙකුට එරෙහිව කඩිනමින් අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(31) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාරට දැනුම් දෙන ලදි.

පසුගිය රජය සමයේ දියත් කෙරුණු මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලබාදුන් රුපියල් එක්කෝටි දොළොස් ලක්ෂයකට අධික මුදලක් අවභාවිතා කළ බවට පවරා ඇති නඩුව අද කැදවූ අවස්ථාවේදි එම දැනුම් දීම සිදු කරන ලදි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 2 වන දා සරත් කුමාර ගුණරත්න අත්අඩංගුවට ගැනුණු අතර මේ වන විට ඔහු ඇප මත මුදා හැර තිබේ.