හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට අයත් ගුවන් ගමන් බලපත්‍රය වහාම අධිකරණයට බාරදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද(30) දින නියෝග කරන ලදි.
ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය අද දිනයේදී අධිකරණයට බාරදෙන ලෙස දැනුම් දී තිබුණද එසේ බාර නොදීම හේතුවෙන් මෙම නියෝගය ලබා දී ඇත.








