FAST NEWS

24×7 Around the Globe

බණ්ඩාරවෙල අවට ප්‍රදේශවල නායයාමේ අවදානමක්..

උඩරට කඳුකරයේ වැලිමඩ සානුවේ දකුණු බෑවුමේ පිහිටි බණ්ඩාරවෙල- හපුතලේ හා හල්දුම්මුල්ල ප‍්‍රදේශවලට මෙම දිනවලදී මාස් මෝසම් වැසි සක‍්‍රීය වීම හේතුවෙන් මෙතෙක් පැවැති දැඩි නියඟයෙන් සිඳී යමින් පැවැති ඇළ දොළ, ගංඟා දියඇලි පිරී ඉතිරී ගොස් ප‍්‍රදේශයේ මාර්ග වේලිවල ගස්ගල් පෙරළී නායයාමේ අවදානමක් මතුව තිබේ.

එම ප‍්‍රදේශ වලට මෙසේ  දිනපතා දහවල් 12.00 න් පසු ආරම්භ වන ධාරාණිපාත වැසි මැදියම් රාත‍්‍රියද ඉක්මවමින් පවතියි.