මීටියාගොඩ දළුවතුමුල්ල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය අසළදී ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ විශේෂ දුම්රියේ වෑන් රථයක් ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
ගේට්ටු මුරකරුගේ උපදෙස් නොතකා වෑන් රථය ධාවනය කර ඇති අතර එම අවස්ථාවේ වෑන් රථයේ පිටුපස එන්ජිම ගැටී ඇතැයි පොලීසිය කියයි.
වෑන් රථයේ ගමන් ගත් හිමි නමක් හා කාන්තාවන් 14 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.








