FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙල්බර්න් නුවර වෙත සෘජු ගුවන් ගමන් අරඹයි..

ශ්‍රී ලංකන් ගුවන් සේවය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත සෘජු ගුවන් ගමන් පහසුකම් ඊයේ (29) රාත්‍රී සිට ආරම්භ කළේය.

මේ සඳහා ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (29) රාත්‍රී 10.50 ට පමණ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර බලා ගමන් ආරම්භ කළේය.

ඒ සඳහා මගීන් 285 ක් සහ නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 16 දෙනෙකු එක්ව සිටි අතර මෙම ගුවන් ගමන සඳහා ව්‍යවසායකත්වය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන , ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අජිත් ඩයස් , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති කාවන් රත්නායක , ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විධායක අධ්‍යක්ෂ සුරේන් රත්වත්තේ මෙන්ම ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ද එක් ව සිටියහ.