FAST NEWS

24×7 Around the Globe

නාවික හමුදා නව මාධ්‍ය ප්‍රකාශක ලෙස කොමාණ්ඩර් දිනේෂ් බණ්ඩාර පත්කෙරේ..

නාවික හමුදා නව මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කොමාණ්ඩර් දිනේෂ් බණ්ඩාර මහතා පත්කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඊට පෙර කටයුතු කළ කොමාන්ඩර් ලංකානාථ දිසානායක මහතා නව පත්වීම් ලැබීම හේතුවෙන් නව මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පත්කර ඇත.

1996 වසරේදී ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් නාවික හමුදාවට එක්ව ඇති දිනේෂ් බණ්ඩාර මහතා 1998 වසරේදී අධිකාරීයට පත්ව ඇති අතර රණශූර පදක්කම ලබාගෙන ඇති දිනේෂ් මහතා ඉන්දියාවේ, චීනයේ හා ඇමෙරිකාවේ පාඨමාලාවන් හදාරා ඇත.