FAST NEWS

24×7 Around the Globe

බැසිල්ට හා දිවිනැගුම හිටපු අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව පවරා ඇති නඩුව කල්යයි..

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව හමුවේ නඩුව අද (27) කැඳවූ අවස්ථාවේදී ලබන 25වනදා දක්වා කල් තැබීමට නියෝග කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 36 දශම 5ක මුදලක් වැය කර ජී. අයි. පයිප්ප බට මිලදී ගෙන පළාත් පාලන ආයතනවලට බෙදා හැරීම ඇතුළු චෝදනා 03ක් යටතේ හිටපු අමාත්‍යවරයාට සහ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.