FAST NEWS

24×7 Around the Globe

නව ජාතික හැඳුනුම්පතෙහි මූලික අදියර අද සිට..

නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමේ මූලික අදියර වශයෙන් ක්‍රියාත්මක සුහුරු කාඩ්පත අද(27) සිට නිකුත් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේය.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ විද්‍යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කරනතුරු එම කාඩ්පත වලංගු වන බවයි.

ඒ අනුව අදාළ කාඩ්පත අද සිට වයස අවුරුදු 15 සම්පූර්ණ කළ අයට, හැඳුනුම්පත අස්ථානගත වූ පුද්ගලයන්ට, හැඳුනුම්පත සංශෝධනය කරන පුද්ගලයන්ට, ඇතුළු නව හැඳුනුම්පත් ලබාගන්නා පුද්ගලයන්ට නිකුත් කෙරෙනු ඇති.