FAST NEWS

24×7 Around the Globe

දෝහා – ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකන් පාසලේ නිරීක්ෂණ චාරිකාවකට ජනපති එක්වෙයි..

දරුවන්ගේ අනාගත යහපත සඳහා කටයුතු කරලීම සියලූදෙනාගේ වගකීම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දෝහා නගරයේ පිහිටි ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකන් පාසලේ නිරීක්ෂණ චාරිකාවක ඊයේ(25) පස්වරුවේ නිරත වීමෙන් අනතුරුව සිසු දරුවන් අමතමින් අදහස් පළ කර තිබේ.

කටාර්හි දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලූත පිරිස ඊයේ පස්වරුවේ දෝහා ඉස්ලාම් කලා කෞතුකාගාරය නැරඹීමට එක්ව ඇත.