FAST NEWS

24×7 Around the Globe

ලක්‍ෂ 25ක අල්ලසක් ගත් ස්ථානාධිපතිවරුන් දෙදෙනාට එරෙහිව නඩු පැවැරේ..

වෛද්‍යවරයකුගෙන් රුපියල් ලක්‍ෂ 80 ක අල්ලසක් ඉල්ලා ඉන් ලක්‍ෂ 25 ක් ලබාගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම නාරාහේන්පිට පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාට සහ එහි අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (24) නඩු පැවරීය.

චෝදනා 12 ක් යටතේ විත්තිකාර පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා මෙලෙස නඩු පැවරීය.

මෙලෙස නඩු පවරන ලද්දේ නාරාහේන්පිට පොලීසියේ හිටපු ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක උපුල් ධම්මික මහතාට සහ එහි අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක චිත්‍රසිරි සුගතපාල මහතාට එරෙහිවය.