FAST NEWS

24×7 Around the Globe

UPDATE: විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිස අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණයක්..

පොළොන්නරුව – පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පළමු වසරේ සහ දෙවන වසරේ සිසුවියන් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පීඨාධිපති කේ.ඒ. ගුණපාලගෙන් කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ ගැටුමට හේතුව සහ සිද්ධියට සම්බන්ධ සිසුවියන් පිළිබද මේ වනවිට තොරතුරු ලබා ගනිමින් සිටින බවයි.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

පුලතිසිගම විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගනියි..

පොළොන්නරුව – පුලතිසිගම විද්‍යාපීඨයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ පළමු වසරේ සහ දෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ(23) රාත්‍රියේ මෙම ගැටුම හටගෙන ඇති බවයි.

ශිෂ්‍ය භෝජනාගාරයේ ඇති වූ බහින්බස්වීමක් මෙම ගැටුමට මුල් වී තිබෙන අතර
පොලීසිය මැදිහත් වී එම අවස්ථාවේදීම ගැටුම සමථයකට පත් කර ඇත.