පෞද්ගලික මූල්‍ය ආයතනවලින් අවිධිමත් ලෙස ණය ලබා ගැනීම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති ග‍්‍රාමීය ජනතාව ඉන් නිදහස් කර ගැනීම සඳහා වූ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිළිඳුකම පිටුදැකීමේ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ජනගත කිරිමේ ජාතික උත්සවයට ඊයේ (20) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී එක්වෙමින් පැවැසීය.
ඒ පිළිබඳ යෝජනාව 2018 අය වැය යෝජනා මගින් ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කළේය.








