FAST NEWS

24×7 Around the Globe

ග්‍රාමශක්ති වැඩසටහන 20 වන දා ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ..

ග්‍රාමශක්ති වැඩසටහන එළඹෙන 20 වනදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ප්‍රකාශ කලේය.

මෙරට දුගී බවින් පෙළෙන ජනතාව ඉන් මුදවාගැනීම සඳහා ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ(18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.