FAST NEWS

24×7 Around the Globe

අන්තරේ නීතිඥ සංගමයේ සහයෝගය ලබාගැනීමට තීරණය කරයි..

ශිෂ්‍යයන් සිරගත කිරීම සම්බන්ධයෙන් හා මර්දනය කිරීම සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහයෝගය ලබාගැනීමට තීරණය කළ බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.

සයිටම් ආයතනය වසා දමන ලෙස ඉල්ලා සිදුකරන ශිෂ්‍ය සටන් මර්දනය කිරීමට ආණ්ඩුව දැඩි මර්දනකාරී ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරන බවද එම සංගමයේ වැඩබලන කැඳවුම්කරු මංගල මද්දුමගේ මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් ඉදිරියේදී මෙම තත්ත්වයට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහයෝගය ලබාගන්නා බවත් හෙතෙම පවසා සිටියේය.

අදාළ සහයෝගය ලබාගැනීමට සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඊයේ (17) ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ලිඛිතව ඉල්ලා සිටි බවද වැඩබලන කැඳවුම්කරු සඳහන් කළේය.