දේශපාලන සිරකරුවන් වෙනුවෙන් වූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (13) උතුරු පළාතේ හර්තාලයක් ක්‍රියාත්මක කෙරෙන බව වාර්තා වේ.
මෙම හේතුවෙන් උතුරේ ජනතාවගේ දෛනික කටයුතු සියල්ලක්ම අඩාල වී ඇති බවත් වාර්තා වේ.
උතුරු පළාතේ සියලුම වෙළඳසල් (13) උදෑසන සිට වසා ඇති බවත් බස් ප්‍රවාහනය ඇතුළු සියලු ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී තිබේ.
කෙසේ වෙතත් උතුරු පළාතෙන් පිට පළාත්වලට පමණක් බස් ධාවනය සිදු වන බවද වාර්තා වේ.
එසෙම උතුරේ සියලුම දෙමළ පාසල්හි අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති අතර යාපනයේ සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන තිබේ.
උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සභාපතීත්වය දරන දෙමළ ජනතා සභාව හා දේශපාලන සිරකරුවන් මුදවා ගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුවන එම්.ශක්තිවේල් පියතුමන් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය සංවිධානය කළ අතර ඒ සඳහා උතුරේ පිහිටි සියලු ස්වේච්ඡා සංවිධානද සහාය හිමීව ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.
(DE සිල්වා)








