FAST NEWS

24×7 Around the Globe

රහස් තොරතුරු දුන් අයට පර්පෙචුවල් මීලියන 94 ක් ගෙවලා..!

2014 වසරේ ජුලි සිට දෙසැම්බර් කාලය තුළ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට මහ බැංකුවේ අභ්‍යන්තර රහස්‌ තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට වරින් වර අවස්‌ථා 18 කදී රුපියල් මිලියන 94 ක්‌ වැනි විශාල මුදලක් එම සමාගම විසින් ගෙවා ඇති බව පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු නුවන් සල්ගාදු මහතා ඊයේ (12) බැඳුම්කර ජනාධිපති කොමිසමේ දී හෙළි කළේය.

ජනාධිපති බැඳුම්කර කොමිසමේ සාමාජික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න එස්‌. ජයවර්ධන මහතා අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සල්ගාදු මහතා මෙ බව ප්‍රකාශ කළේය.

මේ ගෙවීම් 2014 වර්ෂයේ සිදුවී ඇත්තේ නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිව සිටි කාලයේ දී වන අතර ,එම මුදල් ගෙවීම් ඒ ආකාරයටම 2015 වර්ෂයේදීද ඉදිරියට සිදුවූවා දැයි විනිසුරු ජයවර්ධන ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සල්ගාදු මහතා කීවේ දිගටම එම ගෙවීම් සිදුවූ බවද චාලි නමින් හඳුන්වන තැනැත්තාට විශාල ගෙවීම් සිදුකර ඇති බවද සල්ගාදු මහතා වැඩි දුරටත් ප්‍රකාශකර සිටියේය.

(DE සිල්වා)