FAST NEWS

24×7 Around the Globe

වෙල්ගමට හා අලුත්ගමට ආසන අහිමී වෙති..

මතුගම ශ්‍රීලනිප ආසන සංවිධායක කුමාර වෙල්ගම සහ නාවලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් එම සංවිධායක ධුරවලින් ඉවත් කර තිබේ.

ඒ අනුව මතුගම නව ආසන සංවිධායකවරිය ලෙස හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර සහ නාවලපිටිය නව සංවිධායක ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච් ඒ රණසිං මහතා පත් කර තිබේ.

ඔවුහු ඊයේ (12) රාත්‍රීයේ දී කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා අතින් සිට පත්වීම් ලබා ගත්හ.

(DE සිල්වා)