FAST NEWS

24×7 Around the Globe

වර්ජනය හේතුවෙන් දුම්රිය 10ක් ධාවනය කිරීමට වෘත්තීය සමිති තීරණය කරයි..

දුම්රිය වැඩවර්ජනය අද(12) දිනය තුළ අවසන් නොවුණොත් රාජකාරි කටයුතුවලට පැමිණි පිරිස් ගැන සිතා සවස දුම්රිය 10ක් ධාවනය කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

මේ අනුව පුත්තලම, ගාල්ල, අවිස්සාවේල්ල, නුවර ප්‍රදේශ සඳහා මෙම දුම්රිය 10 යෙදවීමට නියමිතය.

ඊයේ (11) රාත්‍රියේ ආරම්භ වූ දුම්රිය වැඩවර්ජනයේ ඉල්ලීම් පිළිබඳ වෘත්තීය සමිති හා ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් අතර මේ වනවිට විශේෂ සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.