වර්ජනය පැවතියද දුම්රිය කිහිපයක් මේ වනවිට ධාවනය වෙමින් පවතින බව ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ කළ විමසීමකදී පැවැසූවේ මාතර සිට කොළඹ දක්වාත්, අවිස්සාවේල්ල සිට කොළඹ දක්වාත්, පොල්ගහවෙල සහ මහව සිට කාර්යාල දුම්රිය කොළඹ දක්වා ධාවනය වන බවයි.
දුම්රිය එන්ජින් රියදුරු සහයකයින් බඳවා ගැනීමේ පරිපාටිය සංශෝධනය නොකිරීම හේතුවෙන් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය ඊයේ(11) රාත්රියේ හදිසි වර්ජනයක් ආරම්භ කළ අතර, එම වර්ජනය මේ වන විට අඛණ්ඩ වර්ජනයක් බවට පත්කර තිබේ.
එන්ජින් රියදුරන්ගේ මෙම වර්ජනයට දුම්රිය නියාමකවරුන්ද ඊයේ රාත්රියේ සිට සහය පළ කර ඇත.
C.රොද්රීගු








