FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප ආසන සංවිධායකයන් 05 දෙනෙකු ධූරවලින් ඉවතට !

ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණේ කටයුතු සඳහා සම්බන්ධ වී සිටින, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන් 05 දෙනෙකු නුදුරේම එම සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව නාවලපිටිය ආසන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ, හොරණ ආසන සංවිධායක විදුර වික්‍රමනායක, තිස්සමහාරාම ආසන සංවිධායක චමල් රාජපක්ෂ, රක්වාන ආසන සංවිධායක රන්ජිත් සොයිසා හා වෙන්නප්පුව සම සංවිධායක අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරු වෙනුවට නව ආසන සංවිධායකවරු පත් කිරීමට නියමිත බවත් පැවසේ.

(DE සිල්වා)