FAST NEWS

24×7 Around the Globe

බැදුම්කරෙන් බෑණා ලාභ ලැබු බව මාමා පිළිගනියි..

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සිදුවු වසරක කාලය තුළදී සිදුකළ භාණ්න්ඩාගාර බැඳුම්කර ගනුදෙනු වලින් 90 %ක්ම ලාභ ලැබුවේ තම බෑණාට අයත් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම බව මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා බැදුම්කර නිකුත් කිරීම පිළිබඳව පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමීසම හමුවේ ඊයේ (10) පිළිගෙන තිබේ.

එ අනුව 2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ පැවැත්වු බැඳුම්කර වෙන්දේසි වලදී පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම මෙලෙස ලාභ උපයා ඇති බවද හෙතෙම පිළිගත්තේය.

කොමිසමට සහය වන නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතාගේ හරස් ප‍්‍රශ්න වලට පිළිතුරු දුන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා මෙම කරුණු පිළිගත්තේය.

(DE සිල්වා)