විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ (10) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ජාතික විගණන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සඳහා එම මණ්ලයේ අනුමැතිය ලැබී ඇත.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (10) පෙරවරු පැවති කැබිනට් රැස්වීමේදී මෙම අනුමැතිය ලබා දී තිබේ.
විගණකාධිපතිවරයාට පැවරීමට යෝජනා කර තිබූ විගණන වැරදි සම්බන්ධයෙන් වන අධිභාර පැනවීමේ බලය නව පනත් කෙටුම්පතින් ඉවත් කර ඇති බවද දැනගන්නට ඇත.
අධිභාර පැනවීමේ බලය විගණකාධිපතිවරයාට පැවරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය දැඩි විරෝධය පළකර තිබිණි.
(DE සිල්වා)








