FAST NEWS

24×7 Around the Globe

උමා එය විරෝධයට අධිකරණයෙන් වාරණයක්..

උමා ඔය ව්‍යාපෘතිය මඟින් විපතට පත් ජනතා එකමුතුව මඟින් හෙට (11) දිනයේ බදුල්ල නගරයේදී පැවැත්වීමට සංවිධානය කර තිබූ විරෝධතාවයට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (10) වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

එනම් විරෝධතාකරුවන්ට හෙට උදෑසන 8 සිට පස්වරු 4.30 දක්වා කාලයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයට නීතිවිරෝධීව ඇතුළුවීම වළක්වාලමින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබේ.

උමා ඔය ව්‍යාපෘතිය මඟින් විපතට පත් ජනතා එකමුතුවේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු පිරිසට මෙම නියෝගය නිකුත් කර තිබේ.