FAST NEWS

24×7 Around the Globe

නාමල් ඇතුළු 06 ක් 16 තෙක් රිමාන්ඩ්..

හම්බන්තොට දී ඉකුත් 06 වැනි දා අධිකරණ නියෝග උල්ලංඝගණය කරමින් විරෝධතාවේ නිරත වී කලහාකාරි ලෙස හැසීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ ඇතුළු 06 දෙනා ලබන 16 වැනි දා තෙක් රිමාන්ඩ් කරන්නැයි හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය  අද (10) රාත්‍රී නියෝග කළේය.

පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන ඩී.වී. චානක, ප්‍රසන්න රණවීර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරාළ සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන මේජර් අජිත් ප්‍රසන්න එලෙස රිමාන්ඩ් කිරෟමට නියෝග කළ සෙසු පස් දෙනාය.

පොලිසියේ දැනුම් දීම මත ඔවුන් සිය නීතිඥවරුන් සමඟ අද (10) පස්වරුවේ හම්බන්තොට පොලිසියට පැමි‍ණීමෙන් පසු අත්අඩංගුවට ගෙන රාත්‍රී 10ට පමණ මහේස්ත්‍රාත් නිල නිවසට ඉදිරිපත් කැරිණි.

රිමාන්ඩ් කරනු ලැබූ සැකකරුවෝ බන්ධනාගාර බස්රි රථයෙන්තංගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගියහ.

(DE සිල්වා)