පළාත් සභා හා ග්‍රාමීය සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් මින් මද වේලාවකට පෙර සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යවා තිබේ.
එම අස්වීමේ ලිපිය කවි 11කින් සමන්විත වන අතර තමා ජනපතිට කරුණු පැහැදිලි කර ඇති බවයි තෙන්නකෝන් පවසන්නේ.
නාම යෝජනා බාර දීමෙන් පසු ජනපති කළ කථාව මෙන්ම එජාපය සමග හවුලේ ගෙන යන ක්‍රියාදාමය වැනි හේතුන් ගණනාවක් තමාගේ ඉල්ලා අස්වීමට බලපෑ බව බවද එම ලිපියේ සදහන්.
පවසන්නෙමි ජනපතිඳුනි මේ වැකිය
සැනසෙන්නෙමි මිනිසුන් මැද හිටි හැටිය
නවතින්නෙමි මේ ලෙස ගමනක් නැතිය
අමාත්‍ය ජනක බණ්ඩාර ධුරය අත්හරී ! (update)
පළාත් සභා සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (24) සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.
දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ එ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බවයි. ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා ඉකුත්දා කළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.