FAST NEWS

24×7 Around the Globe

ඇමති ටී.බී ඒකනායකට එරෙහිව FCID යෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය ඉඩම් අමාත්‍ය ටී.බී ඒකනායක විසින් පසුගිය ආණ්ඩු සමයේ සාපරාධී ලෙස කැබ් රථයක් පරිහරණය කරනු ලැබ ඇතැයි ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.

අද (10) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කරුණු වාර්තා කරමීන් එම කොට්ඨාශය මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

2012-2015 කාල වකවානුවෙදි සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යවරයාව සිටියදි ,හෙතෙම මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් WP-0771 දරණ කැබ් රථය මෙසේ අවභාවිත කර ඇතැයි එම කොට්ඨාශය වැඩි දුරටත් අධිකරණය හමුවේ කියා සිටියේය.

(DE සිල්වා)