FAST NEWS

24×7 Around the Globe

ඉල්ලීම් ත්‍රිත්වයට ඉඩ නැතිනම් නව ව්‍යවස්ථාවට ටී.එන්.එ සහාය නෑ..

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම,මධ්‍යම රජයට යළි පවරාගත නොහැකි වන ආකාරයට පළාත් සභාවෙත පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කිරීම, මුදල් බලතල පළාත් සභාවෙත ලබාදීම යන ඉල්ලීම් ත්‍රිත්වය ව්‍යවස්ථාව වෙත අනිවාර්යෙන්ම ඇතුළත් වන්නේ නම් පමණක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය පළ කරන බව දෙමළ ජතික සන්ධානය අවධාරණය කර සිටියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල මෙහෙයුම් කමිටු වාර්තාව පිළිබද මාධ්‍යට අදහස් දක්වමින් සුමන්තිරන් මහතා මාධ්‍ය වෙත මෙ බව සඳහන් කළේය.

එ අනුව දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව වෙත ලබාදී ඇති යෝජනා සහ ඉල්ලීම් නොපිළිගනිමින් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් ඊට කිසි විටක සහාය නොවන බවද හෙතෙම වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.

(DE සිල්වා)