FAST NEWS

24×7 Around the Globe

හිටපු අග විනිසුරුගේ පෙත්සම නිෂ්ප්‍රභා කරන්නැයි නීතිපති ඉල්ලයි..

පළාත් පාලන ඡන්ද නොපැවැත්වීමෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව සඳහන් කරමින් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ගොනු කොට ඇති පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කරන ලෙස නිතිපතිවරයා අද (09) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඔහු සිය පෙත්සමෙන් දැනුම් දිය යුතු මුලික තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී නොමැති බව පෙන්වා දෙමින් නිතිපතිවරයා එම ඉල්ලීම සිදු කළේය.

කෙසේ වෙතත් මෙ පිළිබඳ වැඩිදුර විභාගය ලබන 19 වැනි දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

(DE සිල්වා)