FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණයේදි මුස්ලිම් කොංග්‍රසය එජාපය සමග සන්ධානයකින්..

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී උතුරු නැඟෙනහිර පළාත් හැර අනෙකුත් සියලු පළාත් සඳහා එක්සත් ජාතික පක්ෂය හා සන්ධාන ගතවී තරග කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේය.

පසුගියදා මහනුවර උඩුනුවර ප්‍රදේශයේදී පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමීන් හෙතෙම මෙ බව සඳහන් කළේය.

එ අනුව ඉදිරි සති කිහිපයේදී පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් තෝරා ගැනීමේ කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයා මෙහිදි වැඩි දුරටත් සඳහන් කළේය.

(DE සිල්වා)