FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවෙන් උතුරු කොරියාවට සම්බාධක..

එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට පැනවූ සම්බාධක ක්‍රියාත්මක කිරීමට අදාළ වූ ගැසට් නිවේදනය ඉකුත් සතියේ නිකුත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතාගේ අස්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

න්‍යෂ්ටික, රසායනික සහ ජෛව අවි ප්‍රගුණය කිරීම සම්බන්ධයෙන් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවකට අනුව රජය මෙම පියවර ගෙන තිබේ.

(DE සිල්වා)