FAST NEWS

24×7 Around the Globe

2018 විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට..

2018 වර්ෂය සඳහා වු අයවැය පළමුවර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පත මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහතා විසින් අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමීතය.

අදාළ කෙටුම්පතට අනුව ලබන වර්ෂය සඳහා වැඩි මුදලක්‌ වෙන් කර ඇත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශය සඳහාය.

එ අනුව එය රුපියල් කෝටි 29071 ක වන අතර එම මුදල මෙම වර්ෂය සඳහා වෙන් කළ මුදලට වඩා රුපියල් කෝටි 667 ක වැඩිවීමක්‌ පෙන්නුම් කරයි.

(DE සිල්වා)