FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා පාකිස්තාන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි..

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර ඩුබායිහිදි පැවැත්වෙන (දිවා රාත්‍රී) දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) යි.

ඊයේ (06) දිනයේ තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 254ක් ලබා සිටියේය.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටි දිමුත් කරුණාරත්න ලකුණු 134ක් ද දිනේෂ් චන්දිමාල් ලකුණු 49ක් ලබා සිටියහ.

පන්දු යැවීමේදී යෂීර් ෂාහ් කඩුලු දෙකක් ද මොහොමඩ් අමීර් එක් කඩුල්ලක් ද ගැනීමට සමත් විය.

ලකුණු පුවරුව..

(DE සිල්වා)