ඒකාබද්ධ විපක්ෂය විසින් හම්බන්තොට ඉන්දීය කොන්සල් කාර්යයාලය ඉදිරිපිටදි අද (06) පැවැත් වූ උද්ඝෝෂණය අතරතුර කලහකාරී ලෙස ක්‍රීයා කළ පුද්ගලයින් 26 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
එසේම විරෝධතාකරුවන් විසුරුවා හැරිමට ජල ප්‍රහාර හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළ අතර ඇතිවු කළබලකාරී තත්වය හේතුවෙන් පොලිස් නිළධාරීන් 03 දෙනෙකු තුවාල ලබා ඇතිද වාර්තා වේ.
(DE සිල්වා)








