FAST NEWS

24×7 Around the Globe

ජපන් මුහුදේ රික්ටර් මාපාංක 6.3 භූ කම්පනයක්..

ජපානයේ නැගෙනහිර මුහුදේ රික්ටර් මාපාංක 6.3 ක භූ කම්පනයක් සිදුව ඇති බව ඇමරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කර ඇති බව වාර්තා වේ.

නැගෙනහිර ජපානයේ ඉවාකි නගරයට ඔබ්බෙන් කිලෝ මීටර් 300 ක් එපිට මුහුදේ කිලෝ මීටර් 77.8 ක් ගැඹුරේ මෙම භූ කම්පනය සිදුව ඇති බවත් මෙ හෙයින් සුනාමී අනතුරු ඇගවිම් නිකුත් කර නොමැති බව විදෙස් වාර්තා වැඩි දුරටත් පවසයි.

(DE සිල්වා)