FAST NEWS

24×7 Around the Globe

එජාප ප්‍රචාරක කටයුතු සන්නිවේදන බලකායට..

පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක කටයුතුවලදී එජාප සන්නිවේදන බළකායට ප්‍රමුඛත්වය ලබාදීමට එම පක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව එජාපය ආරම්භයේ සිට ජනතා සුබ සිද්ධිය සඳහා ඉටුකළ මෙහෙවර, දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති හා නව ආර්ථික සැලසුම් පිළිබඳව දැනුවත් කිරීමේ වගකීම එජාප සන්නිවේදන බළකායට පවරා ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ සඳහා ආසන මට්ටමෙන් එම සන්නිවේදන කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩමුළු දීපව්‍යාප්තව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද සඳහන්.

මේ අතර පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් එජාපයේ ප්‍රතිපත්ති පිළිබඳ පණිවුඩය ගමට ගෙන යෑමේ වගකීම එජාප යොවුන් බලමණ්ඩල වෙත පවරා ඇති අතර එම කටයුතු මැතිවරණ කොට්ඨාස මට්ටමෙන් මේ වන විටත් ආරම්භ කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

(DE සිල්වා)