ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු නැවත පරීක්‌ෂා කිරීමට අවශ්‍ය නම් ලබන 20 වැනිදාට පෙර විදුහල්පතිවරුන් මගින් අභියාචනා ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තුමේන්තුව පවසයි.
අභියාචනා ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ප්‍රතිඵල ලේඛන සමඟ විදුහල්පතිවරුන්ට වෙත යවා ඇති බවද එම දෙපාර්තුමේන්තුව කියයි.
එසේම ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් විමසීමක් කරන්නේ නම් 1911, 0112784208, 0113188350 යන දුරකථන අංකවලට ඇමතීමට හැකි බවත් විභාග දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
(DE සිල්වා)








