FAST NEWS

24×7 Around the Globe

දිවයිනට බලපා ඇති වැසි තත්වය ඉදිරියටත්..

දිවයිනට බලා පවතින වැසි තත්වය, ඉදිරි දින කිහිපයේදීද තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (06) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.

විශේෂයෙන් දිවයිනේ නිරිතදිග කොටසේ සහ නැගෙනහිර පළාතේ මෙම වැසි තත්තවය අපේක්ෂා කළ හැකිය.

එසේම අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

වයඹ සහ උතුරු පළාත් වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් නැගෙනහිර සහ ඌව පළාත් වල තැනින්තැන සවස 2.00 න්පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වල සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට (මි.මි.75පමණ ) තරමක තද වැසි ද බලාපොරොත්තු විය හැක.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන තරමක් තද සුළං (පැ.කි.මී.40-50) අපේක්ෂා කල හැකි බව එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වෙයි.

(DE සිල්වා)