පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ(04) රාත්‍රියේ නිකුත් කෙරුණි.
ඒ අනුව ලකුණු 198 ක් ලබාගනිමින් මෙවර දිවයිනේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ මීගමුව – මිනුවන්ගොඩ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ ඩබ්ලිව්.කේ. දිනුක ක්‍රිෂාන් කුමාර් සිසුවාය.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලකුණු 197 ක් ලබාගනිමින් පහේ ශිෂ්‍යත්වයේ දෙවන ස්ථාන 2 ක් හිමිකරගෙන ඇති බවයි.
ඒ, ගම්පහ – වැලිපිල්ලෑව කණිෂ්ඨ විද්‍යාලයේ එම්.ඒ.එම්. ඉඳුමිණි ජයරත්න සහ කෑගල්ල – තුල්හිරිය කණිෂ්ඨ විද්‍යාලයේ ටී.එම්. සංජන නයනජිත් තෙන්නකෝන් විසිනි.
ලකුණු 196ක් ලබාගනිමින් තුන්වන ස්ථානය හිමිකරගෙන ඇත්තේ ගම්පහ – කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයේ ඩී.ඒ. තරුල් සහස් ධර්මරත්නය.
4 වන ස්ථාන 12 ක් පැවතීමද මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලයේ විශේෂත්වයකි.








