සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨ තාවකාලිකව වසා දමා තිබේ.
පොලිසිය සදහන් කළේ විද්‍යා පීඨයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් මේ වනවිට විශ්වවිද්‍යාලය තුළ ප්‍රදර්ශනයක් පැවැත්වෙන බවත් ඊට අදාළව සවිකර තිබූ බැනර් ඉවත් කරන ලෙසට මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින් පිරිසක් දැනුම්දීමත් සමග, ඊට විරෝධය පළ කිරීම නිසා විද්‍යාපීඨ සිසුන්ට ඊයේ(04) පස්වරුවේ මෙලෙස පහරදී ඇති බවයි.
පහරකෑමෙන් තුවාල ලැබූ සිසුන් 8 දෙනෙකු කිරිබත්ගොඩ මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර, දෙදෙනෙකු හැර අනෙක් සිසුන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව රෝහලෙන් පිටව ගොස් ඇත.








