FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර ගනුදෙනුවට රවීගේ ඇති සම්බන්ධය කොමීසමේදි හෙළි වෙයි..

ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව සිදුවන අවස්ථාවේදී අඩු ලන්සු ඉදිරිපත් කරන ලෙස හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක උපදෙස් ලබාදී ඇති බව ප්‍රශ්න ගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී අද (04) හෙළිදරව් වී තිබේ.

රාජ්‍ය බැංකුවක ප්‍රධාන විධායක නිලධාරියෙකු අද කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂිකයකට අනුව මෙම කරුණු අනාවරණය වී ඇත.

ප්‍රශ්න ගත බැදුම්කර ගනුදෙණුවේදී ඉදිරිපත් කළ යුතු ලන්සුව පිළිබදවද උපදෙස් ලබාදී තිබූ බව වැඩි දුරටත් සාක්ෂි ලබාදෙමින් එම ප්‍රධාන විධායක නිලධාරිවරයා සදහන් කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

රාජ්‍ය බැංකු 03 ක ප්‍රධානීන් අද කොමීසම වෙත කැදවා තිබුණේ ප්‍රශ්න ගත බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි වීමසිම සඳහාය.

(DE සිල්වා)