FAST NEWS

24×7 Around the Globe

ඉදිරි දින කිහිපයේදි සුළු වැසි වර්ධනයක්..

දැනට දිවයින පුරා පවතින වැසි තත්වයේ සුළු වැඩි වීමක් ඉදිරි දින වලදී අපේක්ෂා කෙරෙන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (03) දහවල් නිකුත් කල නිවේදනයෙහි සදහන් වෙයි.

අද දිනනය තලු සබරගමුව පළාතේ විටින් විට වැසි ඇති වන බවත් ,බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් එම නිවේදනයෙහි සඳහන් වෙයි.

එසේම අනෙකුත් පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයෙහි සඳහන්.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සිය නිවේදනය හරහා ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

(DE සිල්වා)