FAST NEWS

24×7 Around the Globe

නිශ්ශංක සේනාධිපතිට එරෙහිව අධි චෝදනා..

දක්ෂිණ මුහුදු ති‍රයේ පාවෙන අවි ගබඩා‍වක් ස්ථාපිත කිරිම සදහා ලක්ෂ 355ක අල්ලස් මුදලක් තුටු පඩුරක් වශයෙන් පිරිනැමීම හා භාර ගැනිම සම්බන්ධ සිද්ධියකට අදාළව මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුට සහ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව කොළඹ මහාධිකරණ අද (03) අධි චෝදනා භාර දීමට කටයුතු කළේය.

එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් නියම කර ඔවුන් මුදා හැරීමටද මහාධිකරණය කටයුතු කළේය.

එසේම ලබන ඔක්තෝම්බර් 20 වන දින නැවත නඩුව කැඳවීමට හා නඩු විභාගය ලබන මාර්තු මස 19,20,21,22 යන දිනයන්හී පැවැත්වීමටද මහාධිකරණය තීන්දු කර සිටියේය.

(DE සිල්වා)