FAST NEWS

24×7 Around the Globe

බැදුම්කර කොමීසමේ සාක්ෂි විභාය ඉදිරි සතියේදී අවසන්..

2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ ස්ථාපිත කළ භාණ්ඩාගාර ප්‍රශ්නගත බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වු ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්ෂි විභාග කිරීමේ කටයුතු ඉදිරි සතිය තුළ විමසා අවසන් කිරීමට අපේක්‍ෂා කරන බව එම කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා ඊයේ (02දා) දැනුම් දුන්නේය.

මෙහි වාර්තාව සකස් කිරීමට තමන්ට කාලය අවශ්‍ය බව පෙන්වා දුන් කොමිසමේ සභාපති විනිසුරු චිත්‍රසිරි මහතා ලබන 13 වැනිදායින් අවසන් වන සතිය තුළ සාක්ෂි විමසීමේ කටයුතු අවසන් කිරීමට අපේක්‍ෂා කරන බව දැනුම් දුන්නේය.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.

(DE සිල්වා)