FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය සභාවේ නව සභාපති පත්වෙයි..

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතාව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ඊයේ (02) දිනයේ පත්කර තිබේ.

එ අනුව එ මහතා ඊයේ දිනයේදීම සිය සභාපති තනතුරේ වැඩ ආරම්භ කර ඇති ඇති බවත් වාර්තා වේ.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ නිලකාලය අවසන් වීමෙන් පසු මාස දෙකකට අධික කාලයක්  මෙම තනතුර පුරප්පාඩුවී පැවතිණී.

මහාචාර්ය කොල්වින් සිල්වා මහතා සභාපති තනතුරට පත් කිරීමේ යෝජනාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් මීට පෙර විරෝධය දක්වනු ලැබීය.

කෙසේ වෙතත් අදාළ පත් කිරීමට එරෙහිව අද (03) දිනයේ රැස්වන විධායක සභා රැස්වීමේදී මෙ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කර සිටියේය.

(DE සිල්වා)